මෙරට කතෝලික සභාවේ විද්වත් හා ගෞරවනීය පූජා ප්‍රසාදීන් වහන්සේනමක් වූ ගරු ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා ඊයේ (19) පෙරවරුවේ ස්වර්ගස්ථ වී ඇත.
අවසන් ගෞරවය දැක්වීම සඳහා උන්වහන්සේගේ දේහය අද (20) පෙරවරුවේ 10.00ට කොළඹ අගරදගුරු මන්දිරයේ දේවස්ථානයට ගෙන එන අතර, එය අප්‍රේල් 21 වන අඟහරුවාදා පෙරවරු 8.00 දක්වා එහි තැන්පත් කර තැබීමට නියමිතය.
අනතුරුව, එදින (21) පෙරවරුවේ 10.00ට දේහය කළුතර සිරිකුරුස විද්‍යාලයට රැගෙන යාමට නියමිතව ඇත. අවසානයේ අප්‍රේල් 22 වන බදාදා පස්වරු 3.00ට අවමංගල්‍ය දිව්‍ය යාගය පැවැත්වෙන අතර, ඉන් අනතුරුව දේවස්ථාන භූමියේදී භූමදාන කටයුතු සිදු කිරීමට නියමිතය.




