ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද පෙරවරුවේ නුවරඑළිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව ඇත.
ඉන්දීය සම්භවයක් ඇති වතු දෙමළ ජනතාව සඳහා ක්‍රියාත්මක කර ඇති ඉන්දීය නිවාස වැඩසටහනේ ඉදිකිරීම් ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා මෙම සංචාරය සිදුකර ඇති බව වාර්තා වේ.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින උප ජනාධිපතිවරයා, ඊයේ දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇ




