WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අයහපත් කාලගුණයෙන් නිවාස 200කට අර්ධ හානි

I
Ishanka Jayasuriya
May 18, 2026 · 1 min read
157 viewsf𝕏W
අයහපත් කාලගුණයෙන් නිවාස 200කට අර්ධ හානි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ පවුල් දහස් ගණනක් පීඩාවට පත්ව ඇති අතර, අර්ධ හානියට ලක්වූ නිවාස සංඛ්‍යාව 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, වැඩිම හානිය කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි නිවාස 90ක් අර්ධ හානියට පත්ව ඇති බවයි.
එමෙන්ම,
රත්නපුරයෙන් නිවාස 22ක්,
ගම්පහ සහ මඩකලපුවෙන් නිවාස 25 බැගින්,
ගාල්ලෙන් නිවාස 14ක්
ඇතුළු දිස්ත්‍රික්ක රැසකින්ද හානි වාර්තා වී තිබෙනවා.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද වාර්තා වනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 1,582කට අයත් පුද්ගලයින් 5,267 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, එම පිරිස දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 66කින් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
17 වැනි විරු දිනය – රට වෙනුවෙන් දිවි පිදූ අමරණීය වීරයන්ගේ සැමරුම
Next
විමල් ඇතුළු 6 දෙනාගේ නඩුව ජුලි 13ට කල්යයි

More in Breaking News