WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

විමල් ඇතුළු 6 දෙනාගේ නඩුව ජුලි 13ට කල්යයි

I
Ishanka Jayasuriya
May 18, 2026 · 1 min read
157 viewsf𝕏W
විමල් ඇතුළු 6 දෙනාගේ නඩුව ජුලි 13ට කල්යයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරුගේ 2016 ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව ලබන ජුලි 13 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.
මෙම නඩුව අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අදාළ නියෝගය ලබාදී තිබුණා.
2016 පෙබරවාරි 6 වැනිදා තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර වන ආකාරයෙන් උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් මහජනතාවට සහ වාහන ගමනාගමනයට බාධා සිදු කළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම නඩුව පවරා තිබෙනවා.
මෙහි විත්තිකරුවන් ලෙස,විමල් වීරවංශ , වීරකුමාර දිසානායක , ජයන්ත සමරවීර , රොජර්  සෙනෙවිරත්න
පියසිරි විජේනායක
යන අය අද අධිකරණය හමුවේ පෙනී සිටියා.
නඩුවේ සාක්ෂිකරුවකු වන පොලිස් පරීක්ෂක ඉන්දික මීට පෙර අධිකරණයට ප්‍රකාශ කර තිබුණේ, සැකකරුවන් ඇතුළු 600කට ආසන්න පිරිසක් මහා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අයහපත් කාලගුණයෙන් නිවාස 200කට අර්ධ හානි
Next
17 වැනි ජාතික විජයග්‍රාහි සැමරුම හෙට

More in Breaking News