WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

17 වැනි ජාතික විජයග්‍රාහි සැමරුම හෙට

I
Ishanka Jayasuriya
May 18, 2026 · 1 min read
171 viewsf𝕏W
17 වැනි ජාතික විජයග්‍රාහි සැමරුම හෙට
යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය” හෙට (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මෙවර සැමරුම් උත්සවයේ විශේෂත්වයක් ලෙස උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන්ගේ ඥාතීන් පළමු වරට උත්සවයට එක්කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.
රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොන මහතා සඳහන් කළේ, යුද්ධ සමයේ ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව රටේ නිදහස වෙනුවෙන් කැපවූ උතුරු නැගෙනහිර රණවිරුවන්ගේ පවුල්වලටද ජාතික ගෞරවයට එක්වීමේ අවස්ථාව මෙවර ලබාදී ඇති බවයි.
ඒ අනුව උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් 30 දෙනෙකුට ආරාධනා කර ඇති අතර, ඔවුන්ගේ සහභාගිත්වයද තහවුරු වී තිබෙනවා.
මෙම උත්සවය සඳහා,
යුද, නාවික සහ ගුවන් හමුදා,
පොලිසිය හා විශේෂ කාර්ය බලකාය,
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව,
ජාතික ශිෂ්‍ය භට බලකාය,
රණවිරු දෙමාපියන් සහ ඥාතීන්
ඇතුළු 2,769 දෙනෙකු සහභාගී වීමට නියමිත බව රණවිරු සේවා අධිකාරිය සඳහන් කළා.
මෙවර සැමරුම් උත්සවය සවස 6.45ට පමණ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් වෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
විමල් ඇතුළු 6 දෙනාගේ නඩුව ජුලි 13ට කල්යයි
Next
කටුනායකෙන් කෝටි 14ක “කුෂ්” සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

More in Breaking News