රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද (18) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් අද උදෑසන 9.30ට පමණ මෙරටට පැමිණි ඔවුන්, ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටවීමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ගේ සැකයට ලක්ව තිබුණා.
පරීක්ෂා කිරීමේදී ගමන් මලු දෙකක් තුළ ඇඳුම් අතර සූක්ෂම ලෙස සඟවා තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 562ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එම මත්ද්‍රව්‍ය ඇසුරුම් 28ක් ලෙස සඟවා තිබූ බවද සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු 23 හැවිරිදි මත්පැන් හලක සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා 30 හැවිරිදි නාටාමිවරයෙකු බව අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇත.




