WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මත්ද්‍රව්‍යයට එරෙහි ජාතික තරුණ සමුළුව ජුනි 26දා

I
Ishanka Jayasuriya
May 21, 2026 · 1 min read
195 viewsf𝕏W
මත්ද්‍රව්‍යයට එරෙහි ජාතික තරුණ සමුළුව ජුනි 26දා
විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව තරුණ ප්‍රජාව එක්රැස් කරමින් ජාතික තරුණ සමුළුවක් ජුනි 26 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
“රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව මෙම සමුළුව සංවිධාන කරනු ලබන්නේ, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙනි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සමුළුවේ මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බවය.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තරුණ පරපුර මුදා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තරුණයන්ගේ විරෝධය ග්‍රාමීය මට්ටමින් සංවිධානය කිරීමයි.
ජාතික තරුණ සේවා සභාව සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධාන කරන බවද සඳහන් වේ.
සමීක්ෂණ වාර්තා අනුව, වයස අවුරුදු 20ත් 35ත් අතර තරුණ පිරිස විෂ මත්ද්‍රව්‍ය උවදුරට වැඩි වශයෙන් ගොදුරු වී සිටින අතර, එය සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවලට දැඩි බලපෑම් එල්ල කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ
Next
විමල් වීරවංශගේ නඩුව ජූනි 8 දක්වා කල්යයි

More in Breaking News