WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

විමල් වීරවංශගේ නඩුව ජූනි 8 දක්වා කල්යයි

I
Ishanka Jayasuriya
May 21, 2026 · 1 min read
203 viewsf𝕏W
විමල් වීරවංශගේ නඩුව ජූනි 8 දක්වා කල්යයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ  මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව අද (21) කොළඹ මහාධිකරණය හමුවේ නැවත කැඳවනු ලැබීය.
අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස උපයාගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අතර, අල්ලස් කොමිසම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවී මහතා සාක්ෂි මෙහෙයවීම සිදුකර ඇත.
අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජූනි 08 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.
2010 සිට 2014 දක්වා කාලය තුළ අල්ලස් පනත උල්ලංඝනය කරමින් නීත්‍යානුකූල ආදායමට නොගැලපෙන වත්කම් රැස්කරගත් බවට චෝදනා කරමින් මෙම නඩුව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කර තිබුණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මත්ද්‍රව්‍යයට එරෙහි ජාතික තරුණ සමුළුව ජුනි 26දා
Next
සමීරා මෙහෙබුදීන් ගෙන්වාගැනීමට රජයේ මැදිහත්වීම

More in Breaking News