WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සමීරා මෙහෙබුදීන් ගෙන්වාගැනීමට රජයේ මැදිහත්වීම

I
Ishanka Jayasuriya
May 21, 2026 · 1 min read
230 viewsf𝕏W
සමීරා මෙහෙබුදීන් ගෙන්වාගැනීමට රජයේ මැදිහත්වීම
ගාසා වෙත සහන රැගෙන ගිය ග්ලෝබල් සමුද් ෆ්ලෝටියා කණ්ඩායමේ රැඳවියන්ට අමානුෂික ලෙස සැලකෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ල සහ සංවේගය පළ කර තිබේ.
ඊශ්‍රායල අමාත්‍ය ඉටමාර් බෙන් ගිවීර්  විසින් එම වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැර ඇති අතර, එහි බලපෑමට ලක්වූවන් අතර ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන සමීරා මෙහෙබුදීන් ද සිටින බව වාර්තා වේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කළේ, ඇයගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ගෞරවය තහවුරු කරමින් කඩිනමින් සහ ආරක්ෂිතව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.
ඒ සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සම්බන්ධීකරණ කටයුතු ආරම්භ කර ඇති බවද සඳහන් වේ.
ගාසා ජනතාවට ආධාර රැගෙන තුර්කියේ සිට පිටත්ව ගිය යාත්‍රා 50කින් සමන්විත ග්ලෝබල් සමුද් ෆ්ලෝටියා සහන කණ්ඩායමේ මානව හිමිකම් ක්‍රියාකාරීන් 500කට ආසන්න පිරිසක් මේ වනවිට ඊශ්‍රායල හමුදා භාරයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ වීඩියෝව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රටවල් කිහිපයක්ද විරෝධය පළ කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
විමල් වීරවංශගේ නඩුව ජූනි 8 දක්වා කල්යයි
Next
රුපියල කඩා වැටීම නිසා දුරකථන මිලත් ඉහළට

More in Breaking News