ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීමත් සමඟ මෙරට ජංගම දුරකථන සහ ඒවාට අදාළ උපාංගවල මිල ගණන් ඉදිරියේදී සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමය සඳහන් කළේ, ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් ජංගම දුරකථන සහ උපාංග මිල ගණන් 20% සිට 25% දක්වා ප්‍රතිශතයකින් වැඩි කිරීමට සිදුවනු ඇති බවය.
විදේශ විනිමය අනුපාතයේ වෙනස්වීම් හේතුවෙන් වෙළඳපොළේ ඉලෙක්ට්‍රොනික උපකරණ මිල ගණන්වලටද බලපෑම් එල්ලවිය හැකි බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි




