ශ්‍රී ලංකාවට සංචාරක අරමුණු සඳහා පැමිණෙන මාලදිවයින් ජාතිකයින් සඳහා නව වීසා රෙගුලාසියක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, එළැඹෙන මැයි 25 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සියලුම මාලදිවයින් වැසියන් ‘ETA’ විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වනු ඇත.
මාලදිවයිනේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ‘eta.gov.lk’ වෙබ් අඩවිය හරහා මෙම ලියාපදිංචි කිරීම සිදුකළ යුතු බවය.
කෙසේවෙතත්, මෙම ක්‍රමය යටතේ ලියාපදිංචි වන මාලදිවයින් ජාතිකයින්ට දින 90ක සංචාරක වීසා අවසරයක් කිසිදු ගාස්තුවකින් තොරව ලබාදෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.




