WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ප්‍රදේශ රැසකට ඉතා තද වැසි

I
Ishanka Jayasuriya
May 22, 2026 · 1 min read
173 viewsf𝕏W
 ප්‍රදේශ රැසකට ඉතා තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් මෙම වැසි තත්ත්වය ඇතිවී තිබෙන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළදී තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනය කර තිබෙනවා.
අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාවට එන්න ETA අනිවාර්යයි
Next
අධික වැසි හේතුවෙන් හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවේ

More in Breaking News