WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අධික වැසි හේතුවෙන් හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවේ

I
Ishanka Jayasuriya
May 22, 2026 · 1 min read
152 viewsf𝕏W
අධික වැසි හේතුවෙන් හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවේ
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් හලාවත මහ රෝහලේ වාට්ටු තුනක් ජලයෙන් යටවී තිබෙනවා.
ඒ හේතුවෙන් එම වාට්ටුවල සිටි රෝගීන් වෙනත් වාට්ටු වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනේෂ් කොග්ගල මහතා සඳහන් කළා.
මේ අතර ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ මාර්ග රැසක්ද ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා.
තවත් ස්ථාන කිහිපයකට ගස් කඩා වැටීම්ද සිදුව ඇති අතර, පුත්තලම – මාදම්පේ – ගලහිටියාව මාර්ගය හරහා ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.
ඒ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාදම්පේ පොලීසිය දැනුම්දී තිබෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ප්‍රදේශ රැසකට ඉතා තද වැසි
Next
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකයි – IMF

More in Breaking News