ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථකව ඉදිරියට ගමන් කරමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසනවා.
IMF ආසියා – පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සඳහන් කර ඇත්තේ, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවට අදාළ 5 වන සහ 6 වන සමාලෝචන ඒකාබද්ධව ලබන සතියේ IMF විධායක මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට නියමිත බවයි.
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ගොඩනගා ගැනීම, විදේශ සංචිත ශක්තිමත් කිරීම සහ ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැවත තහවුරු කිරීම සඳහා “සුවිශේෂී ප්‍රගතියක්” ලබාගෙන ඇති බවද ඔහු පෙන්වා දෙනවා.




