පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබෙනවා.
අද (22) පෙරවරු 9.00 සිට හෙට (23) පෙරවරු 9.00 දක්වා මෙම නිවේදනය බලපැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව තුන්වන මට්ටමේ “ඉවත්වන්න” (රතු) අනතුරු ඇඟවීම් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල සහ රුවන්වැල්ල ප්‍රදේශ සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රදේශ සඳහාත් නිකුත් කර තිබෙනවා.
දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” (ඇම්බර්) අනතුරු ඇඟවීම් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, හොරණ සහ පාලින්දනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන සහ නිවිතිගල ප්‍රදේශ සඳහා නිකුත් කර තිබෙනවා.
එමෙන්ම පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” (කහ) අනතුරු ඇඟවීම් ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ දිවුලපිටිය, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ මතුගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශ සඳහා නිකුත් කර ඇති බව සඳහන්.




