බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පල්ලෙගම හේමරතන හිමියන් ඊයේ (21) දහවල් බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකාර හේමරතන හිමියන් අද (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.




