බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගතව සිටි පල්ලෙගම හේමරතන හිමියන්ට අධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා.
රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඇප කොන්දේසි කඩ කළහොත් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත. එමෙන්ම හිමියන්ට විදේශ ගමන් තහනමක්ද පනවා ඇති බව වාර්තා වේ.




