WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඩුබායි සිට පාතාල සාමාජිකයින් 21ක් දිවයිනට

I
Ishanka Jayasuriya
May 22, 2026 · 1 min read
176 viewsf𝕏W
ඩුබායි සිට පාතාල සාමාජිකයින් 21ක් දිවයිනට
ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ බවට වාර්තා වන පාතාල සාමාජිකයින් 21 දෙනෙකු අද (22) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇති අතර, එම ගුවන් යානා මගින් මෙම පිරිස රැගෙන ආ බව වාර්තා වනවා.
මෙම පිරිස අතර “මහවත්තේ චාමර” සහ “කුඩු දුමින්ද” ලෙස හඳුන්වන සැකකරුවන්ද සිටින බව සඳහන්.
ඒ අනුව “මහවත්තේ චාමර” මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට නියමිත අතර, අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හේමරතන හිමිට ඇප
Next
පාසල් බස් රථයක් ටිපරයක ගැටෙයි

More in Breaking News