ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රතිසංවිධානය කිරීමේ තීරණය සම්බන්ධයෙන් තමන්ව නිල වශයෙන් දැනුවත් කර නොමැති බව පවසමින් හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
නිල කාලය අවසන් වීමට පෙර තමන් ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳ ලිඛිත දැනුම්දීමක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති ඔහු, එමඟින් සිය වගකීම් වෘත්තීයමය ලෙස අවසන් කිරීමට සහ පෞද්ගලික වාර්තා නිවැරදිව පවත්වාගෙන යාමට හැකිවන බවද සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ගන්නා උපායමාර්ගික තීරණ තමන් අගය කරන බවත්, කෙසේ වෙතත් මෙම තීරණයට හේතු පැහැදිලි කරන ලෙසත් ඔහු අදාළ ලිපියෙන් ඉල්ලා තිබෙනවා.




