WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිල චන්ද්‍රසේන මරණයේ විමර්ශන තවදුරටත්

I
Ishanka Jayasuriya
May 22, 2026 · 1 min read
194 viewsf𝕏W
කපිල චන්ද්‍රසේන මරණයේ විමර්ශන තවදුරටත්
සැකකටයුතු ලෙස මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය අද (22) සිව්වන වරටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වුණා.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ, මරණකරු පදිංචිව සිටි බාන්ස් ප්‍රදේශයේ නිවසේ තිබී ඔහුට අයත් මුදල් පසුම්බි දෙකක් සොයාගෙන ඇති බවයි.
නිවස පිරිසිදු කරමින් සිටි සේවිකාවක විසින් මරණකරුගේ කාමරයට ඉදිරියෙන් ඇති අලින්දයේ තිබී එම පසුම්බි සොයාගෙන ඇති බව විමර්ශන නිළධාරීන් සඳහන් කළා.
මෙහිදී මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, පෙර ඉදිරිපත් කළ වාර්තාවකින් නිවසට කිසිඳු බාහිර පුද්ගලයෙකු ඇතුල් වී නොමැති බව සඳහන් කළද, පෙර නඩු දිනයේ සාක්ෂිකරුවෙකු නිවස තුළ බාහිර පුද්ගලයෙකු සිටි බවට ප්‍රකාශ කර තිබීම පිළිබඳව විමර්ශන නිළධාරීන්ගෙන් විමසීමක් කළා.
ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිළධාරීන් ප්‍රකාශ කළේ, රථගාල පිහිටි ප්‍රදේශයෙන් කිසිවෙකු ඇතුල් වී නොමැති නමුත් නිවසේ ඉදිරිපස දොරෙන් කිහිප දෙනෙකු ඇතුල් වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
එමෙන්ම මරණකරුගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගෙන ඇති බවද අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අද දිනයේදී ඇප අත්සන් තැබූ පුද්ගලයින් දෙදෙනා ඇතුළු සාක්ෂිකරුවන් සිව්දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගෙන ඇති අතර, වැඩිදුර සාක්ෂි විභාගය මැයි 26 වනදා යළි පැවැත්වීමට නියමිතයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
තනතුරින් ඉවත් කිරීම ගැන ප්‍රමෝද්‍යගෙන් අමාත්‍යවරයාට ලිපියක්
Next
වසර 9කට පසු රජය–කතෝලික සභා නිල සාකච්ඡාවක්

More in Breaking News