වසර 9කට පසු කතෝලික සභාව සහ රජය අතර නිල සාකච්ඡාවක් පසුගිය 21 වෙනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙම සාකච්ඡාවට කතෝලික සභාවේ උසස් පූජකවරුන් ඇතුළු නියෝජිත පිරිසක් එක්වූ අතර, රජය වෙනුවෙන් ජනාධිපති කාර්යාල නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජිතයන් සහභාගී වුණා.
මෙහිදී රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු, සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීම ගැන දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.
තවද, කතෝලික ධර්මය පාසල්වල ඉගැන්වීම සඳහා ගුරු කාර්ය මණ්ඩල ක්‍රමයක් සකස් කිරීමත්, එම ක්ෂේත්‍රයට කතෝලික පියතුමන්ලා සහ පූජක සොහොයුරියන් ගුරු සේවයට බඳවා ගැනීමේ හැකියාවත් ගැන අවධානය යොමු කර ඇත.
මෙම සාකච්ඡා වසරකට තුන් වතාවක් පැවැත්වීමට තීරණය කර ඇති අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ එහි ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරු හිමිවරුන් මෙම සාකච්ඡාවට එක්වූ අතර, සියලු සිසුන්ට තම ආගම ඉගෙනීමේ අයිතිය තහවුරු කිරීම තම ප්‍රධාන බලාපොරොත්තුව බවද ඔහු අවධාරණය කළා.




