අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශ කිහිපයක් ගංවතුර තත්ත්වයට පත්ව ඇති බවට ගුවන්තොටුපොළ බලධාරීන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බැවින් ගුවන් මගීන් තම ගුවන් ගමනට අවම වශයෙන් පැය 4කට පෙර කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම, හැකිතාක් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය භාවිත කරන ලෙසද ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා දැනුම් දී තිබෙනවා.
දැනට නයිකන්ද සහ කෝවින්න ප්‍රදේශ ගංවතුරින් බලපෑමට ලක්ව ඇති බවද වාර්තා වනවා.




