සයිබර් අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට විදෙස් ජාතිකයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක F. U. වුට්ලර් පවසයි.
අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙම සැකකරුවන් බොහෝදෙනෙකු චයිනා වියට්නාම් සහ කාම්බෝජ වැනි රටවලින් පැමිණි පුද්ගලයින් බවයි.
ඔවුන් අතරින් බොහෝ පිරිසක් නැවත තම රටවලට පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති අතර, පරිගණක අපරාධ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කිහිප දෙනෙකු පිළිබඳව විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව ද ඔහු පැවසීය.
තවද නිවාස, හෝටල් හෝ වෙනත් ස්ථාන කුලියට ලබාදෙන පුද්ගලයින් අදාළ පාර්ශ්වයන්ගේ අනන්‍යතා තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම්දිය යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
එම තොරතුරු පදනම් කරගෙන රහසිගත විමර්ශන ආරම්භ කරන බවත්, විදෙස් රටවලින් පැමිණ මෙරට තුළ සයිබර් අපරාධ සිදු කිරීම මේ වනවිට බරපතළ අභියෝගයක් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




