පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පුද්ගලයින් 28,933 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම පිරිස පවුල් 7,482කට අයත් වන අතර, වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3,950කට අයත් පුද්ගලයින් 15,313 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර එක් මරණයක්ද වාර්තා වී තිබේ.
මීට අමතරව පුත්තලම, කොළඹ, රත්නපුර, කළුතර, ත්‍රිකුණාමලය, ගාල්ල සහ වව්නියාව දිස්ත්‍රික්කවල ජනතාවද අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇත.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 2ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, තවත් නිවාස 836කට අර්ධ හානි සිදුවී ඇති බවද වාර්තා වෙයි.
වැඩිම නිවාස හානි ප්‍රමාණයද ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34කින් මෙම ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.




