WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අම්පාරේ නීති විරෝධී පුරාවස්තු කැණීම් කළ දෙදෙනෙක් කොටු

I
Ishanka Jayasuriya
May 24, 2026 · 1 min read
159 viewsf𝕏W
අම්පාරේ නීති විරෝධී පුරාවස්තු කැණීම් කළ දෙදෙනෙක් කොටු
අම්පාර ගල්මඩුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ පුරාවස්තු ආරක්ෂක ඒකකය එක්ව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පිරිස අතර 64 හැවිරිදි පුද්ගලයෙකු සහ 48 හැවිරිදි කාන්තාවක් සිටින අතර, ඔවුන් ගල්මඩුව සහ හිඟුරාණ ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙයි.
සැකකරුවන් සතුව තිබූ කැණීම් උපකරණද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අයහපත් කාලගුණයෙන් 28,000කට වැඩි පිරිසක් පීඩාවට
Next
මැයි 26 සිට නිරිතදිගට වැසි වැඩිවෙයි

More in Breaking News