මැයි 18 වැනිදා රණවිරු ස්මාරකය අසල ඇතිවූ සිද්ධියකට අදාළව විමල් වීරවංශ අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ සටහනකට අනුව, විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා තලංගම පොලීසිය වෙත පැමිණෙන ලෙසද ඔහුට මීට පෙර දැනුම් දී තිබූ බව සඳහන්.
මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා




