ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකා පොලිසිය සඳහා පරිත්‍යාග කළ කැබ් රථ 134ක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දී තිබෙනවා.
අදාළ වාහන තොගය අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දුන් අතර, මේ සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 300ක මුදලක් වැය කර ඇති බව සඳහන්.
මෙම කැබ් රථ උතුරු පළාතේ පොලිස් ස්ථාන වෙත භාරදීමට නියමිත බවද වාර්තා වනවා.
අවස්ථාවට එක්වූ සන්තෝෂ් ජා මහතා සඳහන් කළේ, ඉදිරියටත් මෙවැනි ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියානු රජය සූදානම් බවයි.
එමෙන්ම මෙම පරිත්‍යාගය අගයමින් ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කළා.
මෙම අවස්ථාවට ආනන්ද විජේපාල, සුනිල් වටගල ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියා.




