රණවිරු සැමරුම් පෙරහුරු උත්සවයකට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංශ අද (25) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නියෝගය ලබා දී ඇත්තේ මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් වන අතර, සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ ලබන අගෝස්තු 25 වැනිදා යළි කැඳවීමටද නියමිතයි.
පසුගිය 18 වැනිදා පැවැති රණවිරු සැමරුම් පෙරහුරු උත්සවයක් අතරතුර, හිටපු අමාත්‍යවරයා තවත් පිරිසක් සමඟ එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් තලංගම පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.




