WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ශෂී වීරවංශගේ නඩුව ජූලි 24ට කල්යයි

I
Ishanka Jayasuriya
May 25, 2026 · 1 min read
217 viewsf𝕏W
ශෂී වීරවංශගේ නඩුව ජූලි 24ට කල්යයි
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට අදාළව ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි 24 වැනිදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අද (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, ඇප මත සිටින ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, නඩුවට අදාළ පරිගණක උත්පාදිත ලේඛන සහ ඒවාට අදාළ පද්ධතිය පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය මෙතෙක් ලබාදී නොමැති බැවින් නඩුව ඉදිරියට විභාග කළ නොහැකි බවයි.
කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ, අදාළ ලේඛන පරිගණකයෙන් නිර්මාණය කළ ඒවා නොව ස්කෑන් කර දත්ත පද්ධතියේ ගබඩා කළ ලේඛන බවයි.
එමෙන්ම, විත්තිය ඉල්ලා ඇති පරිදි පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ප්‍රවේශය ලබාදීම සම්බන්ධ නොතීසි අධිකරණයට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළා.
ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගය ජූලි 24 වැනිදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
විමල් වීරවංශට ඇප
Next
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිරුළක්

More in Breaking News