
Miss Aura International 2026 තරගාවලියේ “Best in National Costume” කිරුළ දිනාගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය දෙවීනා නවීක්ෂි අද (25) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.
ලෝකයේ රටවල් 40ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් මැයි 10 සිට 22 දක්වා අන්තාලියා නුවරදී පැවති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය, අවසන් 20 දෙනා අතරටද සුදුසුකම් ලබා තිබුණා.
ශ්‍රී ලාංකීය අනන්‍යතාව විදහා දැක්වූ ජාතික ඇඳුම් නිර්මාණය හේතුවෙන් ඇය මෙම විශිෂ්ට ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා.
වෘත්තියෙන් වෛද්‍යවරියක වන දෙවීනා නවීක්ෂි මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරයි.
ඇය අද උදෑසන 08.25ට එමිරේට්ස් සමාගමට අයත් EK-650 ගුවන් යානයෙන් කටුනායකට පැමිණි අතර, ඇය පිළිගැනීම සඳහා දෙමාපියන්, නෑදෑයන් සහ හිතවතුන් පිරිසක්ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.




