WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සාම සාකච්ඡා මැද අමෙරිකාවෙන් දකුණු ඉරානයට ගුවන් ප්‍රහාර

I
Ishanka Jayasuriya
May 26, 2026 · 1 min read
153 viewsf𝕏W
සාම සාකච්ඡා මැද අමෙරිකාවෙන් දකුණු ඉරානයට ගුවන් ප්‍රහාර
වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාම ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කටාර්හිදී පැවැත්වෙමින් තිබියදී, අමෙරිකානු හමුදාව දකුණු ඉරානයේ ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබේ.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන බලකාය (CENTCOM) සඳහන් කළේ, ඉරාන හමුදා වෙතින් අමෙරිකානු භටයින්ට එල්ල විය හැකි තර්ජන වැළැක්වීම සඳහා මෙම “ස්වයං ආරක්ෂක ප්‍රහාර” දියත් කළ බවයි.
මිසයිල දියත් කිරීමේ ස්ථාන සහ බෝම්බ ප්‍රහාර සඳහා යොදාගැනීමට සැලසුම් කළ බව කියන ඉරාන බෝට්ටු කිහිපයක්ද මෙම ප්‍රහාරවල ඉලක්ක වූ බව CENTCOM ප්‍රකාශක නාවික හමුදා කපිතාන් ටිම් හෝකින්ස් අල් ජසීරා වෙත ප්‍රකාශ කර ඇත.
මේ අතර, ඉරාන ආරංචි මාර්ග පවසන්නේ අමෙරිකානු ප්‍රහාරයට පෙර ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය මුහුදේ නෞකාවකට ප්‍රහාරයක් එල්ල කළ බවයි. එම සිද්ධියෙන් IRGC නිලධාරීන් කිහිපදෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.
අප්‍රේල් 8 වැනිදා සිට අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මකව පවතින පසුබිමක මෙම ප්‍රහාර සිදුවීම විශේෂත්වයකි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සහ පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් දෝහා වෙත පැමිණ සිටින අතර, මෙම ප්‍රහාර හේතුවෙන් පවතින සාම සාකච්ඡාවලට බලපෑම් ඇතිවිය හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙ
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හිටපු පොලිස්පතිට මාසයකින් අධිචෝදනා ගොනු කිරීමක්
Next
සරණ ගුණවර්ධන නඩු තීන්දුව ජුනි 09 දක්වා කල්යයි

More in Breaking News