WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සරණ ගුණවර්ධන නඩු තීන්දුව ජුනි 09 දක්වා කල්යයි

I
Ishanka Jayasuriya
May 26, 2026 · 1 min read
139 viewsf𝕏W
සරණ ගුණවර්ධන නඩු  තීන්දුව ජුනි 09 දක්වා කල්යයි
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති දූෂණ නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි 09 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
මෙම නඩුවල තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර, එය කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ලබාදීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත්, තීන්දුව තවමත් සූදානම් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා, නඩු තීන්දුව ජුනි 09 වනදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නා.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, වාහන කුලී පදනම මත ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සාම සාකච්ඡා මැද අමෙරිකාවෙන් දකුණු ඉරානයට ගුවන් ප්‍රහාර
Next
කුෂ් - හෑෂ් ජාවාරම: චීවරධාරීන් ඇතුළු 25ක් යළි රිමාන්ඩ්

More in Breaking News