WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ලාඕස් ගුහාවක සිරවූ 7 දෙනා බේරාගැනීමට දැඩි මෙහෙයුමක්

I
Ishanka Jayasuriya
May 26, 2026 · 1 min read
159 viewsf𝕏W
ලාඕස් ගුහාවක සිරවූ 7 දෙනා බේරාගැනීමට දැඩි මෙහෙයුමක්
ලාඕසයේ මධ්‍යම ෂයිසොම්බෝන් පළාතේ පිහිටි භූගත ගුහාවක් තුළ සතියකට ආසන්න කාලයක් සිරවී සිටින පුද්ගලයන් හත් දෙනෙකු මුදාගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් දැඩි මෙහෙයුමක නිරත වී සිටී.
පසුගිය බදාදා ගම්වැසියන් පිරිසක් රන් සහ වනජීවීන් සෙවීම සඳහා ගුහාව තුළට ඇතුළු වී ඇති අතර, ධාරානිපාත වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් ගුහාවේ පිවිසුම සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබේ.
අනතුරෙන් බේරුණු එක් පුද්ගලයෙකු විසින් බලධාරීන්ට කළ දැනුම්දීමකට අනුව මෙම විශේෂ මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුහා පද්ධතිය අතිශය පටු සහ මඩ සහිත ජලයෙන් පිරී ඇති බැවින් සහන සේවා කිමිදුම්කරුවන්ට දැඩි අවදානම් මධ්‍යයේ මෙහෙයුම් සිදු කිරීමට සිදුව ඇති බවයි.
මෙම මෙහෙයුම සඳහා 2018 වසරේ තායිලන්තයේ “තම් ලුඇන්ග්” ගුහාවේ සිරවූ පාපන්දු කණ්ඩායම බේරාගැනීමේ මෙහෙයුමට සහභාගී වූ ප්‍රවීණයන් කිහිප දෙනෙකුද එක්ව සිටින බව සඳහන් වේ.
ගුහාව තුළ ජලය අඛණ්ඩව පොම්ප කරමින් සිටියද, ඉහළ යන ජල මට්ටම සහ අපද්‍රව්‍ය හේතුවෙන් මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කුෂ් - හෑෂ් ජාවාරම: චීවරධාරීන් ඇතුළු 25ක් යළි රිමාන්ඩ්
Next
ඩොලරයට සාපේක්ෂව රුපියල යළි ශක්තිමත් වෙයි

More in Breaking News