WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඩොලරයට සාපේක්ෂව රුපියල යළි ශක්තිමත් වෙයි

I
Ishanka Jayasuriya
May 26, 2026 · 1 min read
163 viewsf𝕏W
ඩොලරයට සාපේක්ෂව රුපියල යළි ශක්තිමත් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (26) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතිකවලින් පෙන්නුම් කරයි.
ඒ අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.32ක් ලෙස සටහන් වූ අතර, විකිණුම් මිල රුපියල් 328.69ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
පසුගිය දින කිහිපය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙමින් පැවති අතර, පසුගිය සිකුරාදා ඩොලරයක ගැනුම් සහ විකිණුම් මිල පිළිවෙළින් රුපියල් 342.63ක් සහ රුපියල් 354.03ක් ලෙස දැක්විණි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ලාඕස් ගුහාවක සිරවූ 7 දෙනා බේරාගැනීමට දැඩි මෙහෙයුමක්
Next
ගල්ෆ් කලාපය අමෙරිකාවට තවදුරටත් ආරක්ෂිත නැහැ

More in Breaking News