WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ගල්ෆ් කලාපය අමෙරිකාවට තවදුරටත් ආරක්ෂිත නැහැ

I
Ishanka Jayasuriya
May 26, 2026 · 1 min read
166 viewsf𝕏W
ගල්ෆ් කලාපය අමෙරිකාවට තවදුරටත් ආරක්ෂිත නැහැ
ගල්ෆ් කලාපීය රටවල් මින් ඉදිරියට අමෙරිකානු හමුදා කඳවුරු සඳහා “ආරක්ෂිත ස්ථානයක්” නොවන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා මොජ්තබා ඛමේනි ප්‍රකාශ කර තිබේ.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ සිය ටෙලිග්‍රෑම් නාලිකාව ඔස්සේ වන අතර, ටෙහෙරානය සහ වොෂින්ටනය අතර පවතින යුද ගැටුම අවසන් කිරීමේ රාමුවක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි.
“කාලය ආපසු හැරවිය නොහැකියි. කලාපයේ රටවල් සහ භූමි ප්‍රදේශ තවදුරටත් අමෙරිකානු කඳවුරු සඳහා ආරක්ෂක වැටක් ලෙස ක්‍රියා නොකරනු ඇත. කලාපය තුළ හමුදා බලය ව්‍යාප්ත කිරීමට අමෙරිකාවට ආරක්ෂිත තෝතැන්නක් නොලැබෙනු ඇත,” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඩොලරයට සාපේක්ෂව රුපියල යළි ශක්තිමත් වෙයි
Next
මන්නාරමේ ආරක්ෂක ඉඩම් නිදහස් කිරීම ගැන විශේෂ සොයාබැලීමක්

More in Breaking News