ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ 5 වන හා 6 වන සමාලෝචන සඳහා අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, වැඩසටහන යටතේ මීළඟ ණය වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත බව වාර්තා වේ.
මෙම අනුමැතියත් සමඟ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහ මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට සහාය ලැබෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.




