WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
PoliticsBreaking

අධි ආරක්ෂිත කලාප යාවත්කාලීන කිරීමට උපදෙස්

I
Ishanka Jayasuriya
April 9, 2026 · 1 min read
429 viewsf𝕏W
අධි ආරක්ෂිත කලාප යාවත්කාලීන කිරීමට උපදෙස්
දැනට ක්‍රියාත්මක අධි ආරක්ෂිත කලාප සීමා නැවත සමාලෝචනය කර අවශ්‍ය පරිදි ඒවා සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී ඇත.
මෙම උපදෙස් ලබා දී ඇත්තේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, අධි ආරක්ෂිත කලාප ස්වභාවිකව පවතින සීමා නොවන බැවින්, වත්මන් ආරක්ෂක තත්ත්වයන් සලකා බැලීමෙන් පසු ඒවා වෙනස් කිරීමේ අවශ්‍යතාව ඇති බවයි.
උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ පුද්ගලික ඉඩම් නැවත ඔවුන්ට ලබාදීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් මතු කළ ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.
ආරක්ෂක කඳවුරු සහ අනෙකුත් කටයුතු සඳහා භාවිතා කරන ලද පුද්ගලික ඉඩම් යළි ජනතාවට ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බවද ඔහු අවධාරණය කළේය. ලබාදිය හැකි ඉඩම් වහාම භාරදීමත්, එය සිදුකිරීමට අපහසු ස්ථාන සඳහා සාධාරණ වන්දි ලබාදීමත් කඩිනමින් සිදු කළ යුතු බවද සඳහන් කළේය.
තවද, ආර්ථික කටයුතු සඳහා ආරක්ෂක කඳවුරු පිහිටි ප්‍රදේශවල භාවිතා කළ හැකි ඉඩම් ප්‍රමාණය සොයා වාර්තා කිරීමටද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ අතර, යුද්ධ හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා පනත් යටතේ ඉදිරිපත් කළ නියෝග සලකා බැලීමෙන් අනතුරුව ඒවා අනුමත කිරීමටද කාරක සභාව විසින් තීරණය කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හදිසි නීති පනත සම්මත වෙයි
Next
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට

More in Politics